අද කොළඹ මහ පොත් දැක්මේ දී දොරට වඩින අලුත් ම පොතක්. ඒකට නම දැමීමත් අපූරු දෙයක්! ‘මං මානිගෙ තීරුව ලියන්න පටන් ගත්තේ මට වයස අවුරුදු 36 දි. අද වෙනකොට මං 36 අවුරුද්දක් මේ මානිගෙ තීරුව ලියලා තියෙනවා. පොතට නම ආවෙ ඔහොමයි. මේ මානිගේ තීරුව පොත් පෙළේ හතර වැනි පොතයි.’ මානි කියයි.
මානිගේ තීරුව ආරම්භ වූයේ නව ආරක පුවත්පතක් වු ඉරිදා දිවයින ආරම්භ කළ එඩ්මන්ඩ් රණසිංහ මහතා කළ ඉල්ලීමක් නිසාය. ඒ වන විට මානි විදේශ රටවල පුවත් කීපයක තීරු ලිපි, දිවයින බදාදා සංග්‍රහය සඳහා සිංහලට පෙරළමින් සිටියේය. ‘ඔයාට බැරිද ඔය වගේ සිංහල කොලමක් ලියන්න.’ එතුමා මානිගෙන් ඉල්ලීමක් කළේය. මීට වසර 36කට පෙර ‘ඉරිදා දිවයින’ට මානිගෙ තීරුව ආවේ එහෙමය. සුන්දර නිහතමානී ද මැල් ලියන ‘මානිගෙ තීරුව’ මුලින් ම පළ වූයේ 1989දී ‘ඉරිදා දිවයින‘ පුවත්පතේය. පසුව එය ඉරිදා ලක්බිමට ගියේය. එය දැන් පළ වන්නේ ‘සති අග අරුණ’ පුවත් පතේය. ඊට අමතරව ෆේස් බුක් (මුහුණු පොත) හරහා, සුන්දර නිහතමානී ද මැල්ගේ ෆේස් බුක් ගිණුම ඔස්සේ ද කියවිය හැකිය. ඒ වගේම කලින් පුවත් පත්වලදී මෙන් නොව ඔබට එවේලේ කමෙන්ටු දමන්නත් පුලුවන.
මේ වන විට ශ්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසයේ වැඩි ම කාලයක් නොකඩවා පළවූ පුවත් තීරුව මෙයයි. නම හංගලා පළ කළ මේ තීරුවේ රචකයා සුන්දර නිහතමානී ද මැල් ය.
මානි ඔහුගේ තීරු ලිපිවලට දේශපාලනය මුසු කළේය. ඒ සමග සැබෑ දේශපාලන චරිතත් ඔවුන්ගේ නම්වලින් ම තීරුව තුළට ගත්තේය. ඔවුන්ගේ කටට තමන්ගේ වචනවලින් ම හඬ කැව්වේය. ඔහු එයින් මතු කළ උපහාසය ඊට ගොදුරු වූ අයත් එකසේ රසවින්දහ. ඔහුගේ සමහර නිර් මාණශීලී යෙදුම් පාඨකයෝ සැබෑවට ගත්හ. ප්‍රභාකරන් ගැන ඇති ප්‍රසිද්ධ කියමන වූ ‘සිංහලයාට ඕනැ දෙයක් මතක හිටින්නේ සති දෙකයි‘ යන දෙබස මානි තම තීරුවට ගෙන්වා ගත් ප්‍රභාකරන්ගේ කටට දුන් දෙබසකි. ප්‍රභාකරන් කිසිදාක එවැන්නක් කියා නැත. දේශපාලනඥයන්ගේ හැසිරීම්වලට ගැළපෙන ඒ අවස්ථාවට උචිත දෙබස් යෙදූ විට මානිගේ උපහාසය හරියට මතු වෙයි. ඒ ගැන ඒ දේශපාලනඥයන් පවා සතුටු වන බව අප අත්දැක තිබේ. මානිගේ උපහාසයට ලක් වීම තමාට ලැබුණු ගෞරවයක් ලෙස ඒ අය සලකති.
මේ සැබෑ චරිත අලලා නම් ගම් යොදා ගෙන හාස්‍යය මතු කරන තීරුවක් මුලින් ලිව්වේ දිවංගත හේමපාල මුනිදාසය. ඒ තීරු ලිපි එකතු කර ඔහු ‘රසාවදානය’ නමින් පොතක් ද පළ කර ඇත. එක් අවස්ථාවක ඔහු තම තීරු ලිපියකින් ඒ කාලේ හිටි ශාස්ත්‍රීය පඬිවරයකු වූ ආචාර් ය ඒ. පී. ද සොයිසාට විහිළුවක් කළේය. ඔහුගේ තීරුවට අනුව ආචාර් ය ඒ. පී. ද සොයිසාට එංගලන්තයේ දී මහාචාර් ය ගුණපාල මලලසේකර හමු වෙයි. ‘ආ ඩොක්ටර් කොහොමද? මොකද මේ පැත්තෙ?’ ඔහු ආචාර් ය ඒ. පී. ද සොයිසා ගෙන් අසයි. ‘ආ ඩොක්ටර්, මං මේ මොළේ පරීක්ෂා කරවා ගන්න වෛද්‍යවරයකු හමුවන්න ආවා.’ ආචාර් ය සොයිසා කියයි. ‘ආ! ඕකට මෙච්චර දුර එන්න ඕනැයැ. අපි නම් එහෙදිම දන්නවා ඔහේගේ මොළේ හොඳ නැති බව.’ මලලසේකරගේ පිළිතුර විය.
අද මානිගේ තීරුවෙන් සියුම් ලෙස උපහාසයට ලක්වෙන අය මානි සමග නඩු මඟට නොබැස්සත් ආචාර් ය ඒ. පී. ද සොයිසා නම් ඒ විහිළුව නිසා තදින් කිපුණේය. ඔහු හේමපාල මුනිදාසට එරෙහි ව අලාභය ඉල්ලා නඩුවක් පැවරුවේය. නඩු දාට හේමපාල මුනිදාස උසාවියට පැමිණ නඩුකාරතුමා පැමිණෙන තෙක් විත්ති කූඩුවේ සිටියේ ය. ආචාර් ය ඒ. පී. ද සොයිසා උසාවියට ආවේය. ඔහු කලින් හේමපාල මුනිදාසව දැක තිබුණේ නැත. මඳ වේලාවක් හේමපාල මුනිදාස දෙස බලා සිටි ආචාර් ය සොයිසා අනික් දොරින් පිට වී ගොස් නඩුව ඉල්ලා අස්කර ගත්තේය. එහෙම දෙයකට මානිට කිසි දිනෙක මුහුණ දීමට සිදු වූයේ නැත. ඔහු තවමත් NOT OUT ය. ඉදිරියටත් ඔහු NOT OUT වනු ඇත. අපි ඔහුට සුබ පතමු!
- පර්සි ජයමාන්න
මානිගේ තීරුවේ
මුල් චිත්‍රය
මානි ගැන මා කියැවූ එක් ලිපියක් මේ අවස්ථාවේ දී මගේ සිහියට නැඟෙයි. ලක්බිම පුවත්පතෙන් උපුටා ගත් එය පහතින් පළ කරමි.
ඉන්දියාවේ කුස්වාන් සිං
ඇමරිකාවේ ආර් ටී බක්වර් ල්ඩ්
ලංකාවට මානි
(මහාචාර් ය සුනන්ද මහේන්ද්‍ර මැල් මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරිනි)
මීට වසර හතළිහකට පමණ පෙර මම බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ (B B C ) සිංහල සේවයේ රාජකාරී කරන කාලයේ අපේ සුප්‍රකට ලාංකික ලේඛකයකු වූ ජිනදාස විජයතුංග මුණගැසුනි. ‘ග්‍රාස් ෆෝ මයි ෆීට්’ නැතිනම් ‘මා පයට තණ නිල්ල’ නැමැති ලෝක ප්‍රකට සාහිත්‍ය කෘතිය ලියූ පුද්ගලයා ඔහුය. තමන් ඉන්දියාවේ පුවත්පත් කලාවේදියකු සේ සේවය කරන කාලයේදී වැදගත් කරුණු තුනක් ඉගෙන ගත් බව ඔහු එදා කීවේය. ඒ කුමක්දැයි මම ඇසීමි.........හොඳ විශේෂාංග රචකයා තුළ සැහැල්ලු සිතකින් බැරෑරුම් ලේඛන යෙහි නිරතවීමේ හැකියාව තිබිය යුතු යයි ඔහු එදා කී බව මට මතකය. ඊළඟට ඔහු "වෙල්ලෙට්‍ර " යන ප්‍රංශ වචනය කිව්වා මට මතකය. එහි අරුත ලස්සන විචිත්‍ර රචනා ශෛලියක් තිබිය යුතුය යන්නය. අනික් කරුණ ඉතාමත් කාව්‍යාත්මක උත්ප්‍රාසය, අන්‍යාලාපයක් තිබිය යුතුය යන්නය. මගේ මිම්මේ හැටියට විජේතුංගයන් එදා කියූ මේ හැකියාවන් තුනෙන්ම පෝසත් වූ ලාංකීය පුවත්පත් ලේඛකයන් ඇත්තේ පස් දෙනෙක් පමණි ඒ මාර් ටින් වික්‍රමසිංහ, මුනිදාස කුමාරතුංග, පියසේන නිස්සංක සහ චන්ද්‍රරත්න මානවසිංහ ය.
මාර් ටින් වික්‍රමසිංහ මයුරපාද නමින් ලියූ ලිපි පෙළත්, මුනිදාස කුමාරතුංග ලක්මිණි පහනට ලියූ ලිපි පෙළත්, පියසේන නිස්සංක වාසු නමින් ලියූ ලිපි පෙළත්, මානව සිංහ ලියූ වගතුග ලිපි පෙළත් ඉහත කී ගණයට වැටෙන්නේය.
ඒ ගොඩට එක්වන පස්වැන්නා සුන්දර නිහතමානිද මැල්ය. ඔහුගේ මානිගේ තීරුවය. ලේඛනය පිළිබඳව මානි ගේ පර් යේෂණාත්මක අත්හදාබැලීම් විශිෂ්ටය. ඔහුගේ මානිගේ තීරුව තුන්වෙනි පොතේ අසූ හත්වෙනි පිටුවේ ‘තව අවුරුදු විසි පහක් ගියවිට’ නැමති තීරු ලිපිය ම එයට අපූරු උදාහරණයකි.
2009 අප්‍රේල් 12 දින.
අපේ මිනිසුන් තරම් ඉක්මනින් අතීතය අමතක කරන පිරිසක් ලෝකයේ තවත් නැති බව කවුරුත් දනිති.අද හවස වීරත්වයෙන් පින් දෙන උදවිය හෙට උදේ වෙන විට ද්‍රෝහීන් බවට පත්වී හමාරවන්නේ ඒ අනුවය. ඒ නිසා පහත සඳහන් දේවල් සිදු නොවනු ඇතැයි පේන කියන්ඩ පුළුවන් කාටද
*****
පහේ පන්තියේ පාසල් සිසුවියක් නොබෙල් ත්‍යාගය පිළිබඳව පැවරුමක් කරමින් සිටී. ........තාත්තේ ලංකාවේ කාටද නොබෙල් තෑග්ග හම්බවෙලා තියෙන්නේ .........ඕ ඒ අතරේ පියාගේන් විමසුවාය.
.........අපිට නොබෙල් තෑග්ග හම්බවෙන්න ඔන්න මෙන්න කියලා තිබිලා නොලැබී ගිහින් නම් තියෙනව දුවේ........ පියා හැඟීම්බර හඬකින් කියයි.
.........ඒ කොහොමද තාත්තේ ඒ......දැරිය අසයි.
2002 දී අපේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යුද්දෙ කවදාවත් දිනන්න බැහැ කියලා ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදී නායකයත් එක්ක සටන් විරාම ගිවිසුමක් අත්සන් කළා........පියා ඇස් වල කඳුළු පුරවා ගෙන කියයි. ........ඒ දෙන්නට නොබෙල් තෑග්ග යන එක නවත්වන්න ඊට පස්සේ රටේ නායකයා වෙච්චෙ කෙනෙක් දිනන්න බෑ කියලා හොඳටම දැනගෙන හිටිය යුද්දෙ ඉවරයක් කරලා දැම්මා. එක්කෙනෙකුගේ ඉරිසියාව නිසා රටට නොබෙල් ත්‍යාගය නැතුව ගියා.
මානිගේ මේ පර් යේෂණාත්මක මායාමය ලේඛනයෙන් අපට අමුතුම පැන්ටසියක් මවා දෙන්නේය. .....මානි කාටත් හොරා දේශපාලනය කියන ක්ෂේත්‍රයට රිංගාගෙන ලීවිය. රිලැක් සීරියස්ස් රයිටින් - සැහැල්ලුවෙන් බැරෑරුම් බරසාර ලේඛනයක්. ඉන්දියාවේ කුෂ්වාන් සිං, මහමඩ් අබ්බාස්, අමෙරිකාවේ අමෙරිකාවේ ආර් ටී බක්වල්ඩ්, අපේ රටේ ටාසි චිට්ටච්චි, වගේ අයගේ ආභාෂය. ඔවුන් සම කරන ලේඛන විලාශය හා ශෛලිය මානිගේ තීරුවෙන් මම දකිමි..
මානිගේ තීරුවෙන් සුන්දරට හිමි සියුම් පරිකල්පන ශක්තිය මැනවින් කැපී පෙනේ. ඒ බව ඔහු තීරු ලිපිවල පෙන්නුම් කරන්නේ දේශපාලනය මගිනි. ඔහුගේ එම ලිපි ප්‍රහාරාත්මක නැත. ඒත් කෙනෙක් යටි තලයෙන් මෙහෙයවනු ලබයි ඔහුගේ තීරු ලිපිවල විශිෂ්ටත්වය එයයි.
රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනිය, ප්‍රභාකරන් මේ දේශපාලන ලිපිවල පාත්‍රවර් ගයාය. ඔවුන්ගේ චරිත ඇසුරෙන් මානසීය පරිකල්පනය මෙහෙයවමින් නිර් මාණශීලීත්වයේ දක්ෂතාව ප්‍රකට කරන්නේය. ඇරිස්ටෝටල් සඳහන් කර ඇති සේ මානි මේ සඳහා ස්ථානයක්, පුද්ගලයන්, ක්‍රියාදාමයන් තෝරාගනී. ඒ ඔහුගේ ගෙදරය. පත්තර කන්තෝරුවය. මගතොටය. මානිගේ තීරුවේ සොඳුරු සංවාදය සංයමයෙන් මෙහෙයවන්නේ ඔය තැන් වලය.
ඔහුගේ පුතා වැඩකාරයෙකි. මානී සිය රථයෙන් විශ්ව විද්‍යාලයට යන අතරතුර පුතා වෑල්ඩින් වැඩ පොළක් ළඟ නතර වී සිට ආපසු එන්නේය........පොඩි වැඩක් කරන්න බඩු වලට කොච්චර වියදම් යයිද කියලා බලන්න ගියා........කලා උපාධියක් හදාරන මිනිහා යකඩ බඩු වලින් කරන්න යන හදන වැඩේ මොකක්ද කියා මානිට හිතුණේය.
........පුතා මන්ත්‍රීවරුන්ට කූඩු හදනවා.
....... ඔව් මම හදන්න යනවා පාර් ලිමේන්තු සභාගර් භයේ තියෙන කූඩු දෙසිය විසි පහක්. පුතා විස්තර කරන්න විය ..........හැම මන්ත්‍රීවරයෙක්ම සභාවට ආවම ඒකට දාලා වහලා ඉබ්බෙත් දානවා........මානිගෙ පුතා පාර් ලිමේන්තුවේ ගෝරි නතර කරන්න හදන්නේ එහෙමය.
..........ඕක ඔච්චර හිතන්න දෙයක් නොවෙයිනේ........ඕකේ ඉන්න හුඟාක් කට්ටිය කූඩුවල දාන්න ඕන අයනේ.........මානි පිළිතුරු දෙන්නේය.
ඒ පිළිතුරෙහි යටි පෙළ තේරුම් ගත් විට බොහෝ දේ සිතාගත හැක්කේය. .
..........අද හරි බෝරිං නේ!අද කොළඹ පෙළපාළියක්වත් නැහැ
........ මානිගෙ තීරුව 2012 ඔක්තෝබර් 21
හැමදාම කොළඹ පෙළපාළි වලට හිරවෙන අය පෙලපාලි නැතුව ගියදාට සිදුවෙන දෙය දෙය මානිගේ පත්තර කන්තෝරුවේ කෙරෙන අපූරු සමීක්ෂණයකි. මේ සමීක්ෂණ කණ්ඩායමට පොලිස් නිලධාරියෙක් හමුවේ. ..........මේක හරි අසාධාරණයි අසාධාරණයිනේ. ඒගොල්ලෝ ඒක පාක්ෂික තීරණ අරගෙන කොහොමද පෙළපාළි නවත්වන්නේ.....ඔහු කියා සිටී. ...අපිට බැහැ දැන් තග දාලා නවත්වන්න... බැටන් පාරක් දෙන්න, කඳුළු ගෑස් ගහන්න පෙළපාලි නැතුව කොහොමද ඒ විදියට අපේ රාජකාරී අඩු කරනවායි කියන්නේ අපිව තනතුරෙන් පහත දාන එකනේ අපි ඒකට විරුද්ධව පෙළපාළියක් යනවා.........
ග්‍රීසියේ වහලා - ඊසොප් උපමාකරුවා
ඉතාමත් හොඳ තීරු ලිපි ලියන මානි ඊසොප් කොරපු කාර් යම හොඳ අපූරුවට මේ ලංකාවේ කරන්නේය. තමන්ටම හිමි මනා වාග්කෝෂයක් ඇති මානි සංවාද රසවත් කරන්නට" "අම්මට සිරි " "පට්ට" යන වදන් යොදන්නටද බය වෙන්නේ නැත. ඒ යෙදුම් තීරුවට එකතු කරන්නේ අපූරු ආලෝකයකි. මානිගේ තීරුවේ පිටුපස්සෙ ඉඳගෙන මානි හිනහා වෙන ලෙසම ඇත්ත ජීවිතයෙත් සුන්දර හක හක ගා හිනාවෙන හැටි මානිගෙ තීරුව කියවද්දි මට නම් මැවී පෙනේ.
ඔහුගේ තීරුලිපි කෙටිකතා වගේය. මහාචාර් ය එදිරිවීර සරච්චන්ද්‍ර කිවූ පරිදි සිද්ධිරංග වගේය. මානිගේ තීරුවේ භාෂාව විශේෂය. විදග්ධ සරල භාෂාව හරිම අපූරුය. ඒ විදග්ධ භාෂාව භාවිතා කර ඔහු ලියන තීරු ලිපියෙහි යටි පෙළක් ඇත්තේය. යටි පෙළේ තිබෙන්නේ උපහාසයයි.
සුන්දර උපහාසය.
සුන්දරගේ මානිගේ තීරුවට එරෙහිව කවදාවත් නඩු යන්නට නොහැකිය. ඔහු අපව දැනුවත් කරන්නේ යටිපෙළ හරහාය. ඔහු සියලු දෙනාටම සිනහවී සියලු දෙනා ගැනම ලියන්නේය. මානිගේ තීරුව කවදාවත් ආචාර ධර් ම විරෝධී ලේඛනයක් වුණේ නැත. පරිණත ලේඛනයක සම්පූර් ණත්වය! ඒවා ලස්සන රචනාය. මානව සිංහගේ කවි වගේය. කව් කතාවල ශෛලිය මානිගේ තීරුවෙහිද තිබේ. දැන් කවි කතා ලියවෙනවා අඩුය. ඔහු කවි කතා ස්වරූපයේ නිර් මාණ මානිගේ තීරුවෙන් ඉදිරිපත් කරන්නේ හොඳ ගැමියෙකු වගේය. මානිගෙ තීරුවෙන් මට නූතන ජනකතාකරුවෙකු හමුවේ. බහුශ්‍රැත පරිණත ජනකතාකරුවෙක්. මානිගේ තීරුව පොත් සම්භාව්‍ය ය. මෙවැනි පොත් සුලභ නැත . අද රටේ පත්තර ලෝකේ තීරුලිපි රචනා සුලභය. නොදැන කරන සාමාන්‍ය ලිපි, තීරු ලිපි විදිහට පළ කරන පුවත්පත්ද නැත්තේ නොවේ. අනුකාරක තීරුලිපි එමටය. මානි එක එක සිද්ධීන් ලයිස්තු ගතකර ඉදිරිපත් කරන විට කාලීදාස හිනැහෙනවා මෙන් මට පෙනෙයි. හික්කඩුවේ හාමුදුරුවන්, යක්කඩුවේ හාමුදුරුවන්, මාර් ටින් වික්‍රමසිංහ, වී .ඩී .ද ලෑනරෝල් හිනැහෙනවා මෙන් මට පෙනෙයි.
පීටර් කැනියුට් පෙරේරා
(කලකට ඉහත ඉරිදා ලක්බිම සංග්‍රහය වෙනුවෙන් සකස් කළ ලිපියකි.)
0 Comments